• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම
- දේශීය සිනමාවේ අභිවෘද්ධිය සඳහා 1971 අංක 47 දරන රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත යටතේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන ලද අතර 1980 වර්ෂයේදී එය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ලෙස නම් කරන ලදී. මේ වන විට චිත්‍රපට කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දෙමින් දැඩි පසුබෑමකට ලක් වී ඇති අතර කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා නියාමන කාර්යයෙහි නියැළෙන ස්වාධීන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එසේම, රූපවාහිනී කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා අවශ්‍ය මග පෙන්වීම සඳහා ද එම කර්මාන්තය නියාමනය කිරීම පිණිස ස්වාධීන ආයතනයක් පැවතීමේ යෝග්‍යතාව පෙනී ගොස් තිබේ. ඒ අනුව, ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් සිනමා කර්මාන්තයේ සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය පිණිස අවශ්‍ය පහසුකම් සැලසීමට හා මග පෙන්වීමට හැකි වන පරිදි ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.