• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- ජාතික සංවර්ධන කාර්යයන්හිදී දුරස්ථ ග්‍රහණ තාක්ෂණයේ (Remote Sensing Technology) වැදගත්කම සැලකිල්ලට ගනිමින් ආසියානු-පැසිෆික් කලාපයේ රටවල් විසින් දුරස්ථ ග්‍රහණය පිළිබඳ ආසියානු සංවිධානය පිහිටුවා ගනු ලැබ ඇත. ශ්‍රී ලංකාව ද ආරම්භක සාමාජිකයෙකු වන මෙම සංවිධානය සාමාජික කණ්ඩායම් ගණනාවකින් එනම්, පොදු සාමාජිකයින්, ආශ්‍රිත සාමාජිකයින් සහ තිරසර සාමාජිකයින්ගෙන් සමන්විත වේ. දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව 2024 ඔක්තෝබර්-නොවැම්බර් කාලය තුළ දින 05කින් සමන්විතව කොළඹදී පැවැත්වීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.