• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය ස්ථාපිත කිරීම
- දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍යවරයාගේ ආරාධනයෙන් එරට සත්‍යය සහ ප්‍රතිසන්ධානය කොමිෂම (Truth and Reconciliation Commission) පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් එරට සංචාරයක නිරතව ඇත. එම සංචාරය අතරතුර දකුණු අප්‍රිකාවේ ජනාධිපතිතුමා, ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා අමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ප්‍රධානීන් ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ. ඒ අනුව, දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ ප්‍රතිසන්ධානය කොමිෂමේ ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් මෙරට තුළ සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය ස්ථාපිත කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.