• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමෙහි වලංගු කාලය දීර්ඝ කිරීම
- ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්‍යාත්මක සහයෝගිතාව විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය අතර වසර 05ක කාලසීමාවක් සඳහා 2016 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එම අවබෝධතා ගිවිසුමේ වලංගු කාලසීමාව මේ වන විට අවසන් වී ඇති අතර, එකී ගිවිසුම තවත් වසර 05කින් දීර්ඝ කිරීම සඳහා දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමෙහි කාලසීමාව තවත් වසර පහක (05) කාලයකට දීර්ඝ කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.