• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
- සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ මහජනතාවගේ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම මඟින් දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අරමුණු කරගනිමින් මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.