• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි බිම් මෙහෙවර සේවා කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව හා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි භාණ්ඩ ගබඩා හසුරුවන සේවා සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි බිම් මෙහෙවර සේවා කටයුතු සැපයීම සහ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි භාණ්ඩ ගබඩා කටයුතු හසුරුවන සේවා සැපයීම සඳහා ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි බිම් මෙහෙවර සේවා කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව Qatar Aviation Services W.L.L. වෙත පිරිනැමීමටත්, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි භාණ්ඩ ගබඩා කටයුතු හසුරුවන සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව Dnata සමාගම වෙත පිරිනැමීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.