• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාබන් හර කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීම
- පැරිස් ගිවිසුමේ 6 වන වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කරගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව, පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ. එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.