• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම
- විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සවුදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. එකී අවබෝධතා ගිවිසුම මඟින් අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල ධනාත්මක භූමිකාවන් සහ කලාපීය හා ගෝලීය කටයුතු, දේශපාලන ප්‍රවනතා හා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින් ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.