• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ, බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම 2048 ක්‍රියාත්මක කිරීම
- 2015 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම සමාලෝචනය කිරීම සිංගප්පූරුවේ සුර්බානා ජුරොංග් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙත ප්‍රදානය කිරීම සඳහා 2023 05 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මුල් ප්‍රධාන සැලැස්ම යටතේ මෙතෙක් හඳුනාගෙන ඇති ව්‍යාපෘති ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි එකී සැලැස්ම සමාලෝචනය කර "බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම - 2048" පිළියෙල කරනු ඇත. එලෙස පිළියෙල කරනු ලබන එකී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මග පෙන්වීම හා පහසුකම් සම්බන්ධීකරණය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා; ගරු අග්‍රාමාත්‍යතුමා; සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.