• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයුර්වේද පනත සංශෝධනය කිරීම
- තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි හා කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම පිණිස 2022-10-31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.