• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර ආනයනය කිරීම
- 2023 යල කන්නය සඳහා රජයේ පොහොර සමාගම් දෙක හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගැනීමේදී යූරියා පොහොර මෙට්‍රික්ටොන් 25,000ක පමණ ප්‍රමාණයක් තවදුරටත් ආනයනය කළ යුතු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, ලංකා පොහොර සමාගම මඟින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.