• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තිය
- රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ සහාය වීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකය ස්ථාපිත කිරීම පිණිස 2022 09 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන් විසින් සපයනු ලබන භාණ්ඩ හා සේවාවවල ගුණාත්මකභාවය, මිල හා ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීම, එකී ව්‍යවසායයන් මඟින් මහා භාණ්ඩාගාරයට ඇති මූල්‍ය බලපෑම ඉවත් කිරීම සහ පෞද්ගලික ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා තරගකාරී හා වෙළෙඳපොළ පදනම් කර ගත් ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ප්‍රතිපත්තිය සකස් කරනු ලැබ ඇත. එකී ප්‍රතිපත්තිය මත පදනම්ව රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.