• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ලොව පුරා ගුවන්තොටුපොළවල් 16කදී ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම
- ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන්තොටුපොළවල් 17කදී ඉන්ධන සපයා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා සමාගම් 12කින් ලංසු 52ක් ලැබී ඇති අතර, ලංසු 49ක් මූලික සුදුසුකම් සපුරා ඇත. චීනයේ ෂැංහයි පියුඩොන්ග් ගුවන්තොටුපොළ සඳහා ලංසු ඉදිරිපත් කරන ලද එකම ලංසුකරුගේ ලංසුව ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ගුවන්තොටුපොළවල් 16ක ඉන්ධන සැපයීම සඳහා සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.