• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ CFM Leap 1A වර්ගයේ ගුවන්යානා එන්ජින් අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා 03ක CFM Leap 1A වර්ගයේ එන්ජින් නඩත්තු සේවා සපයා ගැනීම සඳහා සුදුසුකම් ලත් සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ සවිස්තරාත්මක යෝජනා කැඳවීම සිදු කර ඇති අතර, ඒ සඳහා යෝජනා 03ක් ලැබී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි CFM Leap 1A වර්ගයේ ගුවන්යානා එන්ජින් 03ක් අලුත්වැඩියාව සඳහා වන කොන්ත්‍රාත්තුව Lufthansa Technik AG වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.