• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින වරායයන්හි ප්‍රමාණවත් ටග් යාත්‍රා පද්ධතියක් පවත්වාගෙන යාම
- තරගකාරී ලංසු ක්‍රියාවලිය අනුගමනය කරමින් අවුරුදු පහක කාලසීමාවක් සඳහා ටොන් 70ට වඩා වැඩි ධාරිතාවයෙන් යුත් ටග් (Tug) යාත්‍රා හතරක් කුලී පදනම මත ලබා ගැනීම සඳහා 2022-06-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා තිබේ. ඒ අනුව, ටග් යාත්‍රා සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇති අතර, ලංසු දෙකක් ලැබී තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි වසර 05ක කාලසීමාවක් සඳහා ටග් යාත්‍රා හතරක් කුලියට ගැනීමේ ප්‍රසම්පාදනය, සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වන M/s Sri Lanka Shipping Company Limited වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.