• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි බිම් මෙහෙවර සේවා සපයා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළෙහි බිම් මෙහෙවර සේවා සපයා ගැනීම සඳහා දැනට එම ගුවන්තොටුපොළෙහි බිම් මෙහෙවර සේවා සපයන සියලුම බලපත්‍රලාභී බිම් මෙහෙවර සේවා සැපයුම්කරුවන්ගෙන් සීමිත ජාත්‍යන්තර තරගකාරී ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු දෙකක් ලැබී තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව Menzies Aviation (Austraila) Pty Ltd. වෙත වසර තුනක කාලසීමාවකට පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.