• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම
- අක්කර එකක් හෝ ඊට අඩු පොල් ඉඩම් පමණක් කැබැලි කිරීමට හැකි වන පරිදි සීමා පනවමින් දැනට පවතින නීතිමය විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ගරු ජනාධිපතිතුමා විසින් 2023 අයවැය මඟින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, විධිවිධාන සැලසීම සඳහා තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.