• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දීම
- 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සහ එම පනතට පසුව හඳුන්වා දෙන ලද සංශෝධන යටතේ රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් පාලනය වේ. අති විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව පමණක් එකී රාජ්‍ය මූල්‍ය නියමයන් සමඟ අනුකූල නොවීමට පනත මඟින් විධිවිධාන සලසා තිබුණ ද, එකී නියමයන්ගෙන් බැහැර වීම සඳහා වන විධිවිධාන පනතේ ඇතුළත්ව නොමැත. එසේම, පනතේ විධිවිධාන පරිදි නියම කරනු ලැබ ඇති ඉලක්කයන් සපුරාගත නොහැකි වන අවස්ථාවකදී ඒ පිළිබඳව ගත යුතු පියවරයන් පනතේ නිශ්චිතව දක්වා නොමැත. එම කරුණු සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩපිළිවෙල යටතේ නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් බලාත්මක කිරීමට රජය එකඟ වී තිබේ. ඒ අනුව, 2025 වර්ෂයේ අයවැයත් සමඟ ක්‍රියාත්මක වන පරිදි නව රාජ්‍ය මූල්‍ය නියමයන් රාමුවක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දීමටත්, ඊට සමගාමීව 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත පරිච්ඡින්න කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.