• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවන්හි වර්තමාන තත්ත්වය
- යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සිව්වන වටයේ සාකච්ඡා 2023-03-27 සිට 29 දින දක්වා කොළඹ දී පවත්වනු ලැබ ඇති අතර එම සාකච්ඡාවල ප්‍රගතිය ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. 2024 වර්ෂයේ පළමු කාර්තුව වන විට සාකච්ඡා සම්පූර්ණ කර දෙපාර්ශ්වයේ අත්සන් සඳහා අදාළ ගිවිසුම සූදානම් කිරීමටත්, මීළඟ සාකච්ඡා වාරය 2023-06-27 සහ 28 යන දිනවල කොළඹ දී පැවැත්වීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.