• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව සංශෝධනය කිරීම
- 2022 නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව රුපියල් බිලියන 5,000ක් වේ. 2023 මාර්තු මස අවසන් වන විට ගෙවීමට ඇති මුළු භාණ්ඩාගාර බිල්පත් ශේෂය රුපියල් බිලියන 4,636කි. 2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 4,979ක දළ ණය ගැනීමේ සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ. ඉන් රුපියල් බිලියන 3,526ක් දේශීය මූලාශ්‍ර මඟින් හා රුපියල් බිලියන 1,453ක් විදේශීය මූලාශ්‍රවලින් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. දේශීය ණය ගැනීම් ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව මඟින් සලසා ගනු ලබයි. ඒ අනුව, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා දැනට පවතින උපරිම සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව රුපියල් බිලියන 6,000 දක්වා වැඩි කිරීමටත්, ඒ සඳහා පාර්ලිමේන්තුව වෙත යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.