• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියාන් කලාපීය සංසදය
- ආසියාන් කලාපීය සංසදයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව 2022-2024 කාලසීමාව සඳහා එම සංසදයේ න්‍යෂ්ටික ප්‍රගුණනය සහ නිරායුධකරණය පිළිබඳ අන්තර් සැසි රැස්වීමේ සම සභාපතිත්වය දරනු ලබයි. 2023 මැයි මස 16 සහ 17 යන දිනවලදී ආසියාන් කලාපීය සංසදයේ සාමාජිකයින් සඳහා 14 වැනි ආසියාන් කලාපීය සංසද අන්තර් සැසි රැස්වීම පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම අන්තර් සැසි රැස්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස සිය අමාත්‍යාංශය විසින් ගනු ලැබ ඇති පියවර විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.