• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව 2023 04 27 දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. මුදල් නීති පනතේ විධිවිධාන පරිදි වාර්ෂික වාර්තාව ලැබී දින 14ක් ඇතුළත එකී වාර්තාව මුදල් විෂයභාර ඇමතිතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, 2022 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.