• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලක්සම්බර්ග් රජයේ විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ද්විපාර්ශ්වික උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ලක්සම්බර්ග්හි විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ද්විපාර්ශ්වික උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. එකී ගිවිසුම මඟින් ද්විපාර්ශ්වික සහයෝගිතාව ආශ්‍රිතව දේශපාලන, ආර්ථික, වාණිජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික අංශ ඇතුළුව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අපේක්ෂා කරනු ලබයි. ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 50ක් සැපිරීමේ සංවත්සරය නිමිත්තෙන් දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ මට්ටමින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.