• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රේගු කටයුතු සම්බන්ධව අන්‍යෝන්‍ය සහයෝගිතාව සඳහා ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය හා ශ්‍රී ලංකා රේගුව අතර අවබෝධතා ගිවිසුම
- රේගු මෙහෙයුම් කටයුතුවලට අදාළව දෙපාර්ශ්වය අතර සහයෝගිතාව ඇති කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රේගුව සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව, රටවල් දෙකෙහිම බලාත්මක නීති, රෙගුලාසි, කාර්ය පටිපාටි හා ප්‍රතිපත්තිවලට යටත්ව, රේගු කටයුතුවලට අදාළව සහයෝගිතාව හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම, යෝජිත අවබෝධතා ගිවිසුමෙහි අරමුණු වේ. කෙටුම්පත් අවබෝධතා ගිවිසුමට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.