• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් සැකසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් 2023-03-22 දින මාස 48ක කාලයක් සඳහා විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 2.29ක (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක්) වටිනාකමින් යුත් විස්තීරණ අරමුදල් පහසුකමක් ශ්‍රී ලංකාව සඳහා අනුමත කර ඇති අතර මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ඒ සඳහා වන පොරොන්දු පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එකී අරමුදල් පහසුකම සහ අනෙකුත් අදාළ ලේඛන 2023 03 22 දින පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති අතර එම පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය තහවුරු කර ගැනීමට සහ එකී ණය පහසුකමට අදාළ ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නීතී සම්පාදනයට ඇතුළත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් සැකසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.