• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1976 අංක 1 දරන ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා වෘත්තිය, එහි පරිචය සහ වාස්තු විද්‍යා අධ්‍යාපනය සම්බන්ධයෙන් 1976 අංක 1 දරන පනත මඟින් සංස්ථාපිත ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය කටයුතු කරනු ලබයි. වාස්තු විද්‍යා වෘත්තියේ වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය පනතේ සඳහන් වාස්තු විද්‍යාවේ පරිචය, සාමාජිකත්වය හා පදවිනාම භාවිතයට අදාළ වගන්ති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ වෘත්තීය ආයතනවල නියෝජිතයිගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව 1976 අංක 1 දරන ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය පනතේ අදාළ වගන්ති සංශෝධනය කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.