• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උඩරට නීති ප්‍රකාශය සහ සංශෝධන ආඥාපනත සඳහා සංශෝධන හඳුන්වා දීම
- උඩරට නීතිය යටතේ සිදු කරනු ලබන විවාහයන්හිදී වැන්දඹුවන්ට සිදු වන අවාසිදායක තත්ත්වය නිවැරිදි කිරීමට හැකි වන අයුරින් සාමාන්‍ය නීතිය යටතේ වැන්දඹුවකට අදාළ වන උරුම හිමිකම් උඩරට නීතිය යටතේ විවාහ වන වැන්දඹුවන්ට ද හිමි වන පරිදි විධිවිධාන සලසා දෙන ලෙස උඩරට ප්‍රජාවගෙන් දීර්ඝ කාලයක සිට ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, උඩරට නීති ප්‍රකාශය සහ සංශෝධන ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සංශෝධන ව්‍යාවස්ථා කෙටුම්පත් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.