• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ලොතරැයි සඳහා වන ටිකට්පත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය
- 2023 මැයි මස සිට වසරක කාලයක් සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණකාශ්‍රිත දිනුම් ඇදීම පිණිස ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර් බෝල්, සංවර්ධන වාසනාව, ජයෝදා, කප්රුක සහ සසිරි යන ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය සඳහා එක් එක් ලොතරැයි වර්ගය මත පදනම්ව ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 06 දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පහත සඳහන් පරිදි අදාළ ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ලග්න වාසනාව, අද කෝටිපති, සුපර් බෝල් සහ කප්රුක ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය Grand Export (Pvt) Ltd. වෙත පිරිනැමීම.

* ශනිදා, ජයෝදා, සංවර්ධන වාසනාව සහ සසිරි ලොතරැයිපත් මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය Printcare Secure Ltd. වෙත පිරිනැමීම.