• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
- සංස්කෘතික හා කලා කටයුතු සම්බන්ධයෙන් පුහුණු අවස්ථාවන් සැලසීම, ක්‍රීඩා සඳහා පහසුකම් සැලසීම, ප්‍රදර්ශන, ප්‍රසංග, සම්මන්ත්‍රණ, මහජන දේශන, චිත්‍රපට සහ අනෙකුත් ශ්‍රව්‍ය දෘෂ්‍ය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම වැනි කාර්යන් සඳහා ශ්‍රී ලංකාව තුළ මාලදිවයින් ජනරජයෙහි සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති අතර කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.