• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික රුක් රෝපණ වැඩසටහන - "රටට හුස්ම දෙන නැකත"
- 2020 වර්ෂයේදී ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ නැකත් සීට්ටුවට පැළ රෝපණය කිරීමේ ජාතික නැකතක් එකතු කරනු ලැබ ඇත. ඒ අනුව, "නැකතට පැළයක් - රටට හුස්ම දෙන නැකත" යනුවෙන් රුක් රෝපණ වැඩසටහනක් එම වර්ෂයේදී ක්‍රියාත්මක කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා පැළ ලක්ෂ 11ක් රෝපණය කර තිබේ. මෙම වර්ෂයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව, 2023-04-20 වන දින පෙරවරු 6.38ට රුක් රෝපණ නැකත යෙදී ඇති අතර, එම නැකත මුල් කරගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව, මෙම වර්ෂයේදී ඵල දරන බහු වාර්ෂික භෝගයක් රෝපණය කිරීමට සහ ඒ සඳහා මෙරට ලක්ෂ 52ක් වන මුළු පවුල් සංඛ්‍යාවම සහභාගි කරවා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගනු ලැබ ඇති පියවරයන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, එම වැඩසටහන සඳහා එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.