• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීම
- සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගනු ලැබ ඇති අතර, මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ වැය කරනු ලැබ ඇත. පසුගිය අරගල කාලසීමාව තුළදී සිදු වී ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කරනු ලැබ තිබේ. මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වාගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස් වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානි වන අතර පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වාගෙන යාමට අපහසු වී ඇත. එබැවින්, 2023-04-20 දින සිට බලපැවැත්වෙන පරිදි ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.