• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර දැනට පවතින ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට 2003 08 24 දින අත්සන් තබා ඇති අතර එකී ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 2016-12-06 දින බහාමාස් හි, නාසායුහිදී පැවති සිවිල් ගුවන්සේවා සාකච්ඡා සම්මන්ත්‍රණයේදී දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇත. ඒ අනුව, ඒ සඳහා වන සන්ධාන පත්‍රයට (Protocol) අත්සන් තැබීම පිණිස 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර අනුමැතිය ලබා දී ඇති නමුත් මෙතෙක්‍ අත්සන් තබා නොමැත. අදාළ කෙටුම්පත් සන්ධාන පත්‍රය සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර දැනටමත් අත්සන් තබා ඇති ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කිරීම සඳහා වන සන්ධාන පත්‍රයට අත්සන් තැබීමටත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එකී සන්ධාන පත්‍රයට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට බලය පැවරීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.