• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටවීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර ආහාරපාන අවන්හල් ජාලයක අවන්හලක් සහ/හෝ ජාත්‍යන්තර සන්නාමවල ඇඟළුම් හා උපාංග සාප්පුවක් පවත්වාගෙන යෑම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීම
- කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටවීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර ආහාරපාන අවන්හල් ජාලයක අවන්හලක් සහ/හෝ ජාත්‍යන්තර සන්නාමවල ඇඟළුම් හා උපාංග සාප්පුවක් පවත්වාගෙන යෑම සඳහා ජාතික තරගකාරී ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 3ක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද ඉහළම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරු වන M/s Flemingo Duty Free (Pvt) Ltd ආයතනය වෙත වසර 3ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් 2,502,624ක මුළු මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.