• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය
- සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිසම පිළිබඳ නීති සම්පාදනය කිරීම පිණිස පදනම් කර ගැනීම සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීමට 2023 01 16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි උපදේශක කමිටුවක් පත් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.