• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
- රජයේ රෝහල්වල සායනික කටයුතු සහ ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය ශල්‍ය ගෝස් ප්‍රමාණය නිත්‍ය සලාක ක්‍රමයක් යටතේ දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම පිණිස 2012 12 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2023 වර්ෂය සඳහා අවශ්‍ය ශල්‍ය ගෝස් මීටර මිලියන 30ක් මිල දී ගැනීම පිණිස වෛද්‍ය සැපයීම් අංශයේ ලියාපදිංචි වී සිටින ශල්‍ය ගෝස් සැපයුම්කරුවන් 405 දෙනෙකු අතුරින් 348 දෙනෙකු අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් තෝරා ගනු ලැබ තිබේ. ශල්‍ය ගෝස් මීටරයක ස්ථාවර මිල ශ්‍රී ලංකා රුපියල් 74.96ක් ලෙස මිල කමිටුව විසින් අනුමත කර ඇත. ඒ අනුව, 2023 වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර මිලියන 30ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය තෝරාගත් සැපයුම්කරුවන් 348 දෙනා වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.