• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022/23 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන
- අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2ක් සඳහා එක් පවුලකට මාසයකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක කාලයකට ලබා දීම පිණිස 2023 01 16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එකී මිලියන දෙකක් වූ පවුල් සංඛ්‍යාවට අමතරව පොරොත්තු ලේඛනගතව තවත් අඩු ආදායම්ලාභී පවුල් 850,000ක් පමණ සිටින බවත්, එම සංඛ්‍යාව ද යෝජිත සහන වැඩසටහනට ඇතුළත් කර ගැනීම යෝග්‍ය බවත් හඳුනාගෙන ඇත. ඒ අනුව, මෙම වැඩසටහන යටතට එකී අඩු ආදායම්ලාභී පවුල් 850,000 ද ඇතුළත් කර ගනිමින් පවුල් මිලියන 2.85ක් වෙත මාසයකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක කාලයක් සඳහා ලබා දීමටත්, ඒ සඳහා දැනට අනුමත රුපියල් බිලියන 10ක් වන අයවැය ප්‍රතිපාදනය රුපියල් බිලියන 13 දක්වා වැඩි කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.