• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 අංක 1 දරන සමථ මණ්ඩල විශේෂ වර්ගවල ආරවුල් (සමථකාරවරයන්ගේ සුදුසුකම්) නියෝග
- 2003 අංක 21 දරන සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනතේ විධිවිධාන යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් 2021 12 21 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති නියෝගය මඟින් මූල්‍ය ව්‍යාපාර ගනුදෙනුවලින් පැන නඟින මූල්‍ය ආරවුල් නිරවුල් කිරීම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක 06ක් තුළ විශේෂ සමථ මණ්ඩල ක්‍රියාත්මක කිරීම පිණිස වන විධිවිධාන සලසා ඇත. එසේම, එවැනි මූල්‍ය මණ්ඩලයක් වෙත පත් කරනු ලබන තැනැත්තන්ගේ සුදුසුකම් නිශ්චය කිරීම පිණිස වන බලතල 2003 අංක 21 දරන සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනතේ 4(2) වගන්තිය මඟින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමා වෙත පැවරී තිබේ. ඒ අනුව, 2023 01 14 දිනැති අංක 2314/80 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2023 අංක 1 දරන සමථ මණ්ඩල විශේෂ වර්ගවල ආරවුල් (සමථකාරවරයන්ගේ සුදුසුකම්) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.