• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 75ක් ප්‍රසම්පාදනය කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව, දරිද්‍රතාව අඩු කිරීම සඳහා වූ ජපන් අරමුදල සහ ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන ප්‍රති අරමුදල් ද සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 123ක අරමුදල් මඟින් සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. එම ව්‍යාපෘතිය යටතේ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ගිලන් රථ 50ක් සහ දරිද්‍රතාව අඩු කිරීම සඳහා වූ ජපන් අරමුදල යටතේ වන ප්‍රදානය මඟින් ගිලන් රථ 25ක් මිල දී ගැනීම පිණිස ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. එම ගිලන් රථවලින් 30ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ඉතිරි ගිලන් රථ 45 සුවසැරිය පදනමට ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කරමින් එකී ගිලන් රථ මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.