• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේ ශක්ති අරමුදලෙහි කොටස් හිමියන් වෙතින් තේ ශක්ති අරමුදල වෙත කොටස් ආපසු මිල දී ගැනීම
- තේ ශක්ති අරමුදලෙහි කොටස් හිමියන් වෙතින් එම කොටස් නැවත තේ ශක්ති අරමුදල වෙත මිල දී ගැනීම පිළිබඳව වූ යෝජනාව සම්බන්ධයෙන් 2022 09 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදී. එහිදී, ප්‍රථමයෙන් එකී යෝජනාව සම්බන්ධයෙන් තේ ශක්ති අරමුදලට අදාළ කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ ලබා ගත යුතු බවට තීරණය කරනු ලැබ ඇත. එකී කමිටුවේ නිර්දේශ පරිදි කොටසක නාමික අගය වන රුපියල් 10/-ක මිල ආපසු ගෙවා අදාළ කොටස් හිමිකම තේ ශක්ති අරමුදල වෙත පවරා ගැනීමටත්, ඒ සඳහා තේ ශක්ති අරමුදලේ උපයාගත් අරමුදල් භාවිත කිරීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.