• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත්වීම
- අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නිර්දේශය පරිදි 2023 (ශ්‍රී බුද්ධ වර්ෂ 2567) රාජ්‍ය වෙසක් උත්සවය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව, 2023 05 02 දින සිට 2023 05 08 දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ ඊට සමගාමීව විවිධ ආගමික හා සමාජයීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.