• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර ශුන්‍ය අපද්‍රව්‍ය දිනය සැමරීමේ ජාතික වැඩසටහන
- සෑම වර්ෂයකම මාර්තු මස 30 දිනය ජාත්‍යන්තර ශුන්‍ය අපද්‍රව්‍ය දිනය වශයෙන් නම් කිරීමේ යෝජනා සම්මතය තුර්කි ජනරජයේ මූලිකත්වයෙන් 2022 12 14 දින එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම පිණිස ශුන්‍ය අපද්‍රව්‍ය මූලකෘත්‍යයන් ප්‍රවර්ධනය කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වේ. ඒ අනුව, පරිසර අමාත්‍යාංශය හා අනෙකුත් අදාළ පාර්ශ්වකාර ආයතනවල සහභාගිත්වයෙන් 2023 03 30 දින ජාත්‍යන්තර ශුන්‍ය අපද්‍රව්‍ය දිනය සැමරීම සඳහා ජාතික වැඩසටහනක් පැවැත්වීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.