• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීම
- ගරු ජනාධිපතිතුමා විසින් 09 වන පාර්ලිමේන්තුවේ 04 වන සැසි වාරය ආරම්භ කරමින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේදී දැනට පවතින නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමාවන් වර්තමානයේ පවතින පළාත් සීමා මායිම් අනුව සමපාත නොවන බැවින් ඇති වන ප්‍රායෝගික දුෂ්කරතා හා පරිපාලනයේදී ඇති වන ගැටලු මග හරවා ගැනීම පිණිස පළාත් අනුව නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා මායිම් නිර්ණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා මායිම් නිර්ණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.