• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය සංස්ථාගත කිරීම
- ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා ආහාර බෝග, වැවිලි බෝග, අපනයන කෘෂි බෝග, සත්ත්ව නිෂ්පාදන, මල් හා විසිතුරු පැළෑටි, පරිසර හා වන සංරක්ෂණ සහ ගොවිජන සංවර්ධනය වැනි විවිධ ක්ෂේත්‍රවලට අදාළ ව ඒකාබද්ධ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා විවිධ ආයතන යටතේ අදාළ විෂයයන් පිළිබඳව ඉහළ නිපුණත්වයක් සහිත කෘෂි වෘත්තිකයන් තාක්ෂණිකව සාමුහිකත්වයට පත් කිරීමේ ව්‍යුහයක් පිහිටුවිම යෝග්‍ය බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, කෘෂිකර්ම වෘත්තිකයන්ගේ සේවා ගුණාත්මකභාවය හා ආචාර්ධර්ම තහවුරු කරමින් ඔවුන්ගේ සේවය පුළුල්ව, කාර්යක්ෂමව හා ඵලදායීව ලබා ගත හැකි වන පරිදි දැනට කෘෂි වෘත්තීයවේදීන් 1,000 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය සංස්ථාගත කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමටත් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.