• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා අනුමැතිය ලබා ගැනීම
- උසස් අධ්‍යාපන (තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස 2019 04 02 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් එකී පනත් කෙටුම්පත එම අවස්ථාවේදී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. එම අවස්ථාවේදී එකී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නීතිපති විසින් යෝජනා කර තිබූ ඇතැම් සංශෝධන සහ ඉන් අනතුරුව විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිරීක්ෂණ සහ යෝජනා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නව විධිවිධාන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති උසස් අධ්‍යාපන (තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන) පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.