• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කරුංකා පිරිසැකසුම් කර්මාන්තය සම්බන්ධ කාර්ය පටිපාටිය
- දේශීය වශයෙන් නිෂ්පාදිත කරුංකා අපනයනය කිරීම සහ කරුංකා ආනයනය කර අගය එකතු කර ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනා 2023 03 13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදුව, ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කරන ලදී. ඒ අනුව, එම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති දේශීය වශයෙන් නිපදවන කරුංකා අපනයනය කිරීම සඳහා වන ක්‍රියාපටිපාටිය සහ අගය එකතු කර ප්‍රතිඅපනයනය සඳහා කරුංකා ආනයනය කිරීම සඳහා වන ක්‍රියාපටිපාටිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.