• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියා-ශාන්තිකර පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර බලධාරින්ගේ සංසදයේ පස්වැනි සැසිවාරය සඳහා සත්කාරකත්වය දැරීම
- 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේදී කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 6 වැනි සැසිවාරයේදී කලාපීය පාරිසරික න්‍යාය පත්‍රය පිළිබඳව අදහස් හා යෝජනා ලබා දීම පිණිස ආසියා-ශාන්තිකර පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර බලධාරින්ගේ සංසදයේ පස්වැනි සැසිවාරය 2023 වර්ෂයේ සිව්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එම සංසදයේ පස්වැනි සැසිවාරය සඳහා සත්කාරකත්වය දැරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.