• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාර්ග නඩත්තු අරමුදල ස්ථාපනය කිරීම
- 2023 අයවැය ඉදිරිපත් කරමින් ගරු ජනාධිපතිතුමා විසින් මාර්ග නඩත්තු කටයුතු සඳහා අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කරන ලද අතර, ඒ සඳහා රුපියල් මිලියන 100ක ආරම්භක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට ද යෝජනා කරන ලදී. එම අරමුදල ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමේ වගකීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙත පැවරී ඇත. ඒ අනුව, ප්‍රවාහන හා මහාමාර්ග ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, යෝජිත අරමුදල පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.