• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් 2023-2026 කාලය තුළ විස්තීරණ අරමුදල් පහසුකම් සලසා ගැනීම
- සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක් විය හැකි ජන කොටස් ආරක්ෂා කිරීම, ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, දූෂණය පිටු දැකීම සහ ශ්‍රී ලංකාවේ පවත්නා වර්ධන විභවයන් විවර කර ගැනීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙලක් සඳහා විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 2.3කට සමාන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක ණය පහසුකමක් ලබා ගැනීම පිණිස 2022 09 01 දින ශ්‍රී ලංකාව විසින් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹෙන ලදී. ඒ අනුව, 2023-2026 කාලය තුළ අයවැය මූල්‍යකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකී විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.