• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන යටතේ පනවන ලද පහත සඳහන් රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* 2023 02 22 දිනැති අංක 2320/46 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2023 අංක 04 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන හා අපනයන පාලන රෙගුලාසි.

* 2023 02 22 දිනැති අංක 2320/47 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2023 අංක 05 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි.