• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1977 අංක 8 දරන උදර්පන පනතෙහි 2 වන වගන්තිය යටතේ වන නියමය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට හා රටවලින් විදේශීය රාජ්‍යවලට හා රාජ්‍යවලින් පලා ගිය තැනැත්තන් උදර්පනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමටත්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් හෝ විදේශීය රාජ්‍යවලින් උදර්පනය කරන ලද ශ්‍රී ලංකාවේදී කරන ලද වැරදි සම්බන්ධයෙන් චූදිත හෝ වැරදිකරුවන් කරනු ලැබූ තැනැත්තන් පිළිබඳව ක්‍රියා කිරීම විධිමත් කිරීමටත්, ඒවාට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීමටත් 1977 අංක 8 දරන උදර්පන පනත පනවනු ලැබ ඇත. එකී පනතේ 2වන වගන්තියේ විධිවිධාන අදාළ වන පොදු රාජ්‍ය මණ්ඩලය තුළ වූ රටවල් පිළිබඳව ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාට හැකියාව පවතී. ඒ අනුව, රටවල් 56ක් ඇතුළත් වන පරිදි 1977 අංක 8 දරන උදර්පන නීතියේ 2වන වගන්තිය යටතේ සංශෝධිත නියමයක් 2023 02 14 දිනැති අංක 2319/30 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.